කැන්ඩි ෆැල්කන්ස් ලකුණු 10ක ජයක්

ජැෆ්නා කිංග්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 10ක ජයක්

by Staff writer 14-12-2022 | 10:05 PM

COLOMBO ( News 1 st ) - ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 10කින් අද(14) ජය ගත්තේ ය.

පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී, ලකුණු 160ක් රැස් කිරීමට සමත් විය.

 කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් ෆේබියන් ඇලන් ලකුණු 47 ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ‍ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ,ලකුණු 150ක් පමණි,සදීර සමරවික්‍රම ලකුණු 48 යි.