අලුත් කෙරූ ගෘහ සේවිකාවන් සම්බන්ධ නව නීති

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විදෙස් ගෘහ සේවිකාවන්ට නව නීති මාලාවක් හඳුන්වා දෙයි..

by Staff writer 14-12-2022 | 8:26 PM

COLOMBO ( News 1 st ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යය , විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වා දී තිබේ.
 
එය හෙට (15)  සිට බලාත්මක වනු ඇති අතර ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් ආරක්ෂා වන ආකාරයෙන් නව නීති මාලාව සකස් වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන්. 

ඒ අනුව ගෘහ සේවිකාවන් බඳවා ගැනීම හෝ තාවකාලික රැකියා සඳහා අවසර දෙනු ලබන්නේ එරට මානව සම්පත් අමාත්‍යාංශයෙන් අදාළ බලපත්‍රයක් ලබා ගන්නේ නම් පමණි. 

එමෙන්ම අවුරුදු 18 ට අඩු දැරියන් ගෘහ සේවයට බඳවා ගැනීම හෝ මෙහෙකාර සේවයේ යෙදවීම නව නීති අනුව සම්පුර්ණයෙන් තහනම් වේ.

විදෙස් ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන නව නීති උල්ලංඝනය කරන්නේ නම්, ගෘහ සේවිකාවන් සේවයේ යෙදවීම ප්‍රතික්ෂේප කිරීමට සේවායෝජකයාට අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.