ඉන්දියා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ඇරඹේ

ඉන්දියා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය: පළමු දිනයේදී ඉන්දීය කඩුලු 6ක් බිඳවැටෙයි..

by Staff writer 14-12-2022 | 8:39 PM

COLOMBO ( News 1 st ) - ඉන්දියාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (14) ප්‍රථම දිනට චොට්ටොග්‍රාම්හිදී පැවැත්විණි.

අද දිනය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය  කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 278 කි.

චෙටීස්වර් පුජාරා ලකුණු 90ක් රැස් කළ අතර ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය.