නවකවදය වැළක්වීමට වැඩසටහනක් ක්‍රියාවට නංවන්න -ජනපති

නවකවදය වැළක්වීමට වැඩසටහනක් ක්‍රියාවට නංවන්න - ජනපතිගෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස්..

by Staff writer 13-12-2022 | 8:21 PM

COLOMBO (News 1st) - මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නව මාවතකට යොමු කිරීම උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා අද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා උපකුලපතිවරුන්ට දැනුම්දී තිබුණේ නවකවදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසයි.

ලබන වසරට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව නිර්මාණය කෙරෙන ජාතික තරුණ වේදිකාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් දායක කරගැනීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ අදට නොව තවත් වසර 25කට සරිලන අන්දමින් බවත් එහිදී තාරුණ්‍යයේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීම අපේක්ෂාව බවත් එහිදී ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර තිබේ.