කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 77ක විශිෂ්ට ජයක්..

දඹුල්ල අවුරා පිලට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස්ට ලකුණු 77ක විශිෂ්ට ජයක්..

by Staff writer 13-12-2022 | 10:01 PM

COLOMBO (News 1st) - ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 තරගාවලියේ 11වන තරගය අද පැවැත්විය.

ඒ, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතරයි.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ, පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 03ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 193කි.


පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116ක් පමණි. 

ඒ අනුව ලකුණු 77ක විශිෂ්ට ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.