වැසුණු සියලු පාසල් අද (12) යළි විවෘත කෙරේ..

වැසුණු සියලු පාසල් අද (12) යළි විවෘත කෙරේ..

වැසුණු සියලු පාසල් අද (12) යළි විවෘත කෙරේ..

කර්තෘ Staff writer

12 Dec, 2022 | 6:55 am

COLOMBO (News 1st) – අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලු පාසල් අද(12) යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

එහි ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ, අසාමාන්‍ය ලෙස වායු දුෂණය ඉහළ යාම ඇතුළු කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමුණු බවයි.

කාලගුණික තත්ත්වය යළි සාමාන්‍ය අතට පත්වීම හේතුවෙන් පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , මෙරට වායු ගුණාත්මක තත්වය යළි සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.

ඊයේ මෙරට නාගරික ප්‍රදේශ වල ඇමරිකානු වායු ගුණ තත්වය දර්ශක අගය 100 ත් 150 ත් අතර අගයක සටහන් විය.

එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් නොවන බව, විශේෂඥයින් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]