.webp)
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බවයි.
පෞද්ගලික බස්රථවල මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම් යම් ප්‍රවණතාවයක් වාර්තා වන බවත්, කෙසේ වෙතත් බොහෝ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් යහපත් අයවලුන් වන බවත්, මෙම මත්ද්‍රව්‍ය භාවිතාවන් හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.
මෙහි සාර්ථකත්වය මත ඉදිරියේ එම වැඩපිළිවෙළ සෙසු පළාත්වලත් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.