ධීවර යාත්‍රාවකට අනතුරක්

නැගෙනහිර මුහුදේදී ධීවරයින් 5ක් රැගත් යාත්‍රාවක් අනතුරක: අතුරුදන් ධීවරයෙක් සොයා මෙහෙයුම්

by Staff writer 11-12-2022 | 1:59 PM

COLOMBO ( News 1 st ) - තද සුළං තත්ත්වයත් සමග සංගමන්කන්ද තුඩුව නැගෙනහිර මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, එහි සිටි ධීවරයින් 4 දෙනෙකු මේ වනවිට මුදාගෙන ඇති බවයි.

අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කර තිබේ.

මෙසේ  අනතුරට ලක්ව ඇත්තේ, ත්‍රිකුණාමලය ධීවර වරායෙන් පසුගිය මස 26 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් 05 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවකි.