ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අක්‍රමිකතා ගැන පැමිණිලි1000ක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අක්‍රමිකතා ගැන පැමිණිලි 1,000ක් - ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය

by Staff writer 11-12-2022 | 12:28 PM

COLOMBO ( News 1 st ) - ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වසරේ ගතවූ කාලසීමාව තුළ පැමිණිලි 1,000 ක් පමණ ලැබී ඇතැයි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සංජීව ජයසුන්දර මහතා සඳහන් කළේ, රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම්  ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල ඉහළයාමක් වාර්තා වන බවයි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙනි.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග ගිවිසුම් ගතවූ මුදලට අමතරව වැයවන මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන අතර ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ පැමිණිලි සිය අධිකාරියට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.