මොරොක්කෝව අවසන් පූර්ව වටයට

ප්‍රබල පෘතුගාලය ගෙදර යැවූ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

by Staff writer 10-12-2022 | 10:41 PM

COLOMBO (News 1st) - මොරොක්කෝව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, ප්‍රබල පෘතුගාලයට එරෙහි තරගය ගෝල 1ට 0ක් ලෙස ජය ගනිමිනි.

තරගය පැවැත්වුණේ, කටාර්හි අල් තුමාමා ක්‍රීඩාංගණයේදීය.

මොරොක්කෝව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.