English
தமிழ்
කර්තෘ Staff writer
10 Dec, 2022 | 7:00 pm
ඒ, උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් රැසක් හදිසියේ මිය යෑම හේතුවෙනි.
මේ දිනවල පවතින කාලගුණික වෙනස්කම් සමග එම පළාත්වල මිය ගිය එළ ගවයින්, මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව 1000 ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පෙන්වා දෙයි.
එම සත්ත්ව මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ගවයින් සහ එළුවන්ගේ මරණ වාර්තා වන්නේ, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලිනි.
ඉන් එළ ගවයින්ගේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 168 කි.
යාපනය දිස්ත්‍රික්කයේ ගවයින් 49 ක් මිය ගොස් ඇති අතර එළුවන් 58 දෙනෙකු ද මිය ගොස් ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ එළ ගවයින් 120 ක් මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ගවයින් සංඛ්‍යාව 159 කි.
එම දිස්ත්‍රික්කයේ එළුවන් 42 දෙදෙනෙකු ද පැවති කාලගුණය හමුවේ මිය ගොස් ඇත.
වව්නියාව දිස්ත්‍රික්කයේ ගව මරණ 21 ක් වාර්තා වන අතර එළු මරණ සංඛ්‍යාව 85 කි.
උතුරු පළාතේ මියගිය සමස්ත එළගවයින් සංඛ්‍යාව 358 ක් වේ.
තවත් ගවයින් 352 ක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එමෙන්ම එම පළාතේ මිය ගිය එළුවන් සංඛ්‍යාව 191 කි.
උතුරු පළාතේ එළුවන් 53 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වේ.
පැවති කාලගුණය හමුවේ නැගෙනහිර පළාතේ එළගවයින් හා මී ගවයින් 478 ක් මිය ගොස් ඇති අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන ගවයින් සංඛ්‍යාව 352 කි.
වාර්තා වන එළුවන්ගේ මරණ සංඛ්‍යාව 65 කි.
මැන්ඩවුස් සුළි කුණාටුවත් සමග ඇති වූ අධික සීතල දරා ගැනීමට නොහැකිව මෙම සතුන් මිය යන්නට ඇතැයි විශ්වාස කරයි.
නමුත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයකින් මිය ගියා ද? යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඒ සඳහා මිය ගිය සතුන්ගේ සාම්පළ මේ වනවිට පශු සම්පත් අංශය විසින් ලබා ගෙන රසායනාගාර වෙත යවා තිබේ.
මෙම තත්ත්වය තුළ ගවයින්ගේ සහ එළුවන්ගේ මස් පරිභෝජනය, ප්‍රවාහනය හා අලෙවියෙන් වළකින ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙයි.
01 Jun, 2023 | 03:59 PM
01 Jun, 2023 | 03:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS