වායුගෝලයේ දූවිලි අංශු අඩුවෙයි...

වායුගෝලයේ දූවිලි අංශු අඩුවෙයි...

by Staff writer 09-12-2022 | 7:29 AM

COLOMBO ( News 1 st ) - වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වෙයි - NBRO  

වායුගෝලයේ ගුණාත්මකබව අද (09) දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි වායු දූෂණ කළමනාකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, බෙංගාල බොක්ක අවට අඩු පීඩන තත්ත්වය නිසා ඇති වූ වාසුලියේ සුළං දිශාව වෙනස් වීමත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බවයි.

ඊයේ(08) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 - 200 ත් අතර අගයක්  දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එසේම ඊයේ දිනට සාපේක්ෂව මේ වනවිට වායු දූෂණ මටට්ම 75 % කින් පමණ අවම වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ය.