රක්ෂිතයක ගංජා වගා කළ 05ක් STF අත්අඩංගුවට...

රක්ෂිතයක ගංජා වගා කළ 05ක් STF අත්අඩංගුවට...

by Staff writer 09-12-2022 | 10:46 AM

COLOMBO ( News 1 st ) - පානම, විහාරපොකුණ රක්ෂිතයේ ගංජා වගාකළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ,  සැකකරුවන්  අක්කර 3 ක භූමි ප්‍රදේශයක මෙම ගංජා හේන පවත්වාගෙන ගොස් ඇති බවයි.

අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 32 හා 62 අතර වයස්වල පසුවන්නන් ය. 

සැකකරුවන්  වැඩිදුර විමර්ශන සඳහා පානම පොලිසියට භාරදී තිබේ.

මේ අතර තලවාකැලේ ප්‍රදේශයේ පාසලක් අසලදී මාවා නැමති මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි සැකකරුවෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙන අතර විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ 46 හැවිරිදි සැකකරු පාසල් සිසුන් ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි.