.webp)
අභිමානවත් සංවත්සර සැමරුම වෙනුවෙන් නාවික හමුදාව දේශයේ නාවික බලය ජනතාවට දැකබලා ගැනීමට සලස්වා තිබේ.
නෞකා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ, කොළඹ ගාලු මුවදොරට සමීප මුහුදේය.
නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා වන ගජබාහු, විජයබාහු සහ සිදුරළ නෞකා ප්‍රදර්ශනයට එක්කර තිබුණි.
සමුදුර, සුරනිමල, නන්දිමිත්ර සහ මිහිකත නෞකා ද අද ගාලු මුවදොරට සමීප මුහුදේ ප්‍රදර්ශනය කෙරුණි.
'සිලෝන් රෝයල් නේවී' ලෙස නාවික හමුදාව ඇරඹුණේ 1950 දෙසැම්බර් 9 වැනි දායි.
1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග 'සිලෝන් රෝයල් නේවී' ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය.
දැඩි කැපවීමත්, නවීන උපාය මාර්ගත් සමග 30 වසරක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේදී නාවික හමුදාව ඉටුකළ මෙහෙය අද්විතීයයි.
මෙරට සාගර කලාපය හරහා සිදුවන මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ද නාවික හමුදාව 24 පැයම සීරුවෙනි.
වර්ග කිලෝමීටර 65,610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පරමාර්ථය පෙරදැරිවයි.