දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත්

දිවයින පුරා ශීත කාලගුණ තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 09-12-2022 | 7:31 AM

COLOMBO ( News 1 st ) - දිවයින පුරා ශීත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ  නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ,  සුළි කුණාටුව අද(09) තමිල්නාඩුවට ඇතුළුවනු ඇති බවයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.