.webp)
ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී ඇති මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරටට හමා එන සුළං ප්‍රවාහ හේතුවෙනි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ, සුළි කුණාටුව අද (09) තමිල්නාඩුවට ඇතුළු වනු ඇති බවයි.
මේ අතර මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ දැඩි සුළං සහ වැසි නිසා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටී.
පස්සර ප්‍රදේශයේ මාර්ග කිහිපයක් අද (09) පෙරවරුවේ අවහිර වී තිබුණ අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මඩොල්සිම - පස්සර මාර්ගය සහ පස්සර - ලුණුගල යන මාර්ග එලෙස අවහිර වි ඇති බවයි.
මේ අතර නුවරඑළිය වලපනේ , කුරුපනාවල ප්‍රදේශයේ නිවාස 10 කට පමණ දැඩි සුළඟින් හානි සිදුව තිබේ.
වැලිමඩ ඌව පරණගම ප්‍රදේශයේ නිවාස 45 කට පමණ දැඩි සුළඟින් හානි සිදුව තිබුණ අතර ඇති වූ අධික වර්ෂාපතනයත් සමග රාජාංගනය ජලාශය ද වාන් දැමීම ආරම්භ වි තිබේ.