.webp)
පොලීසිය සඳහන් කළේ ඊයේ (08) රාත්රී කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙකු එම පුද්ගලයාට ඔහුගේ ගෙවත්ත තුළදී පහරදී ඇති බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා උඩුගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ 34 හැවිරිදි ගෝණදෙනිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පහරදුන් සැකකරුවන් හඳුනාගෙන තිබෙන තිබේ.
මේ අතර මන්නාරම පේසාලේ ප්රදේශයේ දී අතුරුමාර්ගයක තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගතකිරිමෙන් පසුව මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබු පුද්ගලයා මන්නාරම රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ 33 හැවිරිදි අංක 08 පේසාලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.