අලුත් පොතක් සතුටු හිතක්..

'අලුත් පොතක් සතුටු හිතක් 'වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න

by Staff writer 09-12-2022 | 8:56 AM

COLOMBO ( News 1 st ) - නත්තල සමරමින් දිවයින පුරා සිටින දූ දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත්පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබටත් දැන් අවස්ථාව උදා වී තිබේ.

ඒ 'අලුත් පොතක් සතුටු හිතක් ' සිරස ශක්ති පොත් යාත්‍රාව වැඩසටහන යටතේයි.

ඔබගේ පරිත්‍යාග භාර ගැනීම සඳහා ස්ථාන කිහිපයක පහසුකම් සලසා තිබේ.

ඒ අනුව 

01. කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය
02. දෙපානම මැදිරි සංකීර්ණය 
03. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය 
04. කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය‍ට  ඔබේ පරිත්‍යාග භාරදිය හැකියි.