English
தமிழ்
කර්තෘ Staff writer
09 Dec, 2022 | 12:10 pm
COLOMBO ( News 1 st ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගොනුකළ පෙත්සමකට අදාළව ලබන ජනවාරි 25 වනදා අධිකරණයේ පෙනී සිටින්නැයි ඔවුන් දෙදෙනාට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය අද නොතීසි නිකුත් කළේ ය.
ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමකින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වාදී ඇත්තේ සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාගේ දිවුරුම් ප්‍රකාශයක්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කළ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු සාක්ෂි කිහිපයක් ද ඇය මීට අදාළව සාක්ෂි ලෙස ගොනුකර තිබේ.
මන්ත්‍රීවරිය පවසන්නේ සමගි ජලබලවේගය පක්ෂයේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තුන තුන වගන්තිය අනුව පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් එනයින්ම සමගි ජනබලවේගයේ සාමාජිකත්වය අහෝසි වන බවයි.
මේ අනුව සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පක්ෂයේ සාමාජිකත්වය දැරීමත් නායක හා මහලේකම් තනතුරු දැරීමත් නීත්‍යනුකුල නොවන බවට නියෝගයක් ඉල්ලා සිටින ඩයනා ගමගේ මහත්මිය සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ එය විභාග කරන තෙක් තනතුරු දැරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පෙත්සම අද කොළඹ දිසා අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට ලබන ජනවාරි 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණ.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS