LPL: දඹුල්ල අවුරාට එරෙහි තරගයේ ජය කළම්බෝ ස්ටාර්ස්ට

LPL: දඹුල්ල අවුරාට එරෙහි තරගයේ ජය කළම්බෝ ස්ටාර්ස්ට

LPL: දඹුල්ල අවුරාට එරෙහි තරගයේ ජය කළම්බෝ ස්ටාර්ස්ට

කර්තෘ Staff writer

08 Dec, 2022 | 7:23 pm

COLOMBO ( News 1 st ) – 2022 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහි තරගය කළම්බෝ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 9කින් ජය ගෙන තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කළම්බෝ ස්ටාර්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්.

ආරම්භක පිතිකරු  නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා.

ළහිරු කුමාර ලකුණු 36ට  කඩුලු 4යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දඹුල්ල අවුරා ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 31 යි.

සුරංග ලක්මාල් ලකුණු 35ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා නිරෝෂන් දික්වැල්ල

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]