උතුරු, නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලට ධාරාණිපාත වැසි

'මැන් ඩුවොස්' බලපෑමෙන් උතුරු, නැගෙනහිර ඇතුළු ප්‍රදේශවලට ධාරාණිපාත වැසි

by Staff writer 08-12-2022 | 10:59 AM

COLOMBO (News 1st) - මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

ඒ, ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවිනි. 

එම සුළි කුණාටුව 'මැන් ඩුවොස්' ලෙස නම් කර තිබේ.

'මැන් ඩුවොස්' සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය ඇති විය හැකියි.