මත්පෙති සමග තරුණයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට විකුණන්න ගෙනා මත්පෙති සමග අයෙක් අත්අඩංගුවට

by Staff writer 08-12-2022 | 4:44 PM

COLOMBO ( News 1 st ) - මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කළුතර දොඩම්ගොඩ පහන්වත්ත ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමග එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

26 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පාසල් ළමුන් සඳහා අලෙවි කිරීමට ඒවා කොළඹ සිට රැගෙන ආ බවට අනාවරණ වී තිබේ.