ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 08-12-2022 | 5:57 AM

1. ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් – ඇමති කංචන - ලබන ජනවාරි මාසසේ සිට සියලුම විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

2. උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක් - මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

3. චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට - චීනයෙන් පරිත්‍යාග කළ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ළඟා වී තිබේ.

4. විදුලි බිල ඉහළ දැමීම ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් ප්‍රකාශයක් -  දේශපාලඥයින් ජනතාව බිය ගන්වමින්, විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.

5. විදෙස් රටවල සිට එන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි -  විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.