
වසර 7කට පසු ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයෙන් තවත් එක්දින තරගාවලි ජයක්..
වසර 7කට පසු ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයෙන් තවත් එක්දින තරගාවලි ජයක්..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st) – ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ලකුණු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒ අනුව, තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක ජය වාර්තා කළ දෙවන අවස්ථාව වේ.
බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක ජය වාර්තා කරනු ලැබුවේ වර්ෂ 2015දීය.
ඒ තරග 2-1ක් ලෙසය.
ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත් විය.
මෙහෙන්දි හසන් නොදැවී ලකුණු 100ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 266ක් පමණි.
විරාට් කෝලිට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණි.
දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන