
ගෝල් ග්ලැඩියේටර්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්
ගෝල් ග්ලැඩියේටර්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තේ ය.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 කි.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවී ගියේ ලකුණු 28කදීයි.
ග්ලැඩියේටර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොවින් සුබසිංහ ලකුණු 40යි.
කාලෝස් බැරැත්වේට් කඩුලු 4ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්ර ෆෙලෙචර් ය.
ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 30කට සීමා විය.
කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ ලකුණු 73ක් වනවිට කඩුලු 3ක් බිඳ වැටුණ ද පිටියේ ස්ථාවර වූ කමින්දු මෙන්ඩිස් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ය.
ඒ, පන්දු 34කින් ලකුණු 44ක් ලබා ගනිමිනි.
නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගත්තේ ය.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 15කදී කඩුලු 5ක් පමණක් දැවී සිටියදීයි.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණය මෙය වේ.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක