
කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ඉහළට
කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ඉහළට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොළඹ නගරය සහ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 ත් 200 ත් අතර අගයක පවතින බවයි.
එය සෞඛ්‍යට අහිතකර මට්ටමක් ලෙස සැළකේ.
වායූ දූෂණ අවස්ථාවකදී ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් අනුගමනය කළ යුතු පියවර මොනවා ද?
හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි අතර එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකිසිටීම වැදගත් බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා පැවසීය.
තව ද නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකිවේ.
ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසුවේ, නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බවයි.
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන
- තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පිය නැගිය යුතුයි! – ජනපති
- අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී…