කෘෂි ආහාර අපනයනයෙන් ජපානයට වාර්තාගත ආදායමක්

කෘෂි ආහාර අපනයනයෙන් ජපානයට වාර්තාගත ආදායමක්

කෘෂි ආහාර අපනයනයෙන් ජපානයට වාර්තාගත ආදායමක්

කර්තෘ Staff writer

08 Dec, 2022 | 6:48 pm

COLOMBO ( News 1 st ) – ජපානය සිය කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය මගින් ඉතිහාසයේ ඉහළම වාර්ෂික ආදායම ලැබීමට සුදානම් වන බව වාර්තා වේ.

ජපාන මාධ්‍ය වාර්තා කළේ, මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කෘෂි ආහාර අපනයනය තුළින් ජපන් යෙන්  ට්‍රිලියන 1.12 කට අධික ආදායමක් එරට උපයා ඇති බවයි.

වාර්ෂික කෘෂි ආහාර අපනයන ආදායම යෙන් ට්‍රිලියන 1 ඉක්මවූ දෙවන අවස්ථාව මෙය වන අතර එම ආදායම  ගිය වසරට සාපේක්ෂව 15% ක වර්ධනයක් ලබා ඇති  බව සඳහන්.

එරට බලධාරීන් සඳහන් කළේ , කොවිඩ් වසංගතය නැවත උත්සන්න වන කාල සීමාවක මෙම අපනයන ආදායම් වාර්තාව පිහිටුවීම විශේෂත්වයක් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]