අද (8) ත් රටපුරා විරෝධතා දිනයක්

අද (8) ත් රටපුරා විරෝධතා දිනයක්

අද (8) ත් රටපුරා විරෝධතා දිනයක්

කර්තෘ Staff writer

08 Dec, 2022 | 7:57 am

COLOMBO (News 1st) – වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අදත් (08) විරෝධතා දිනයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.

එම සන්ධානය ප්‍රකාශ කළේ, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් මෙම විරෝධතා දිනයට සමගාමීව විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීරණ වනු ඇති බවයි.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවේ සමකැඳවුම්කරු රංජන් සේනානායක මහතා පැවසුවේ, ජනතාව පීඩාවට පත් කරන අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් එලෙස රටේ විවිධ ස්ථානවල සිට ආයතනවල සේවකයින් විරෝධයට සහභාගීවන බවයි.

තවත් ආයතන කෑම පැය තුළ තම සේවා ස්ථානය ඉදිරිපිට හා තෝරාගත් ස්ථානවලත් ඒ තමන්ගේ විරෝධතාවය දක්වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]