'සේනා' යළිත් ගොවි බිමට

'සේනා' බඩ ඉරිඟු ගොවි බිමත් ආක්‍රමණය කරයි

by Staff writer 07-12-2022 | 6:49 AM

COLOMBO (News 1st) - අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි බඩ ඉරිඟු භෝග නායක ප්‍රධාන කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, එය ආර්ථික හානිදායක මට්ටමකට මෙතෙක් පැමිණ නොමැති බවයි.

ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, සේනා දළඹු හානිය පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදය යොදා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී ඇති බවයි.