ආර්ජන්ටිනා උපජනපතිනියට වසර 6 ක සිර දඬුවම්

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනා උපජනපතිනියට වසර 6 ක සිර දඬුවම්

by Staff writer 07-12-2022 | 8:16 AM

COLOMBO (News 1st) - ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනි, ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට මූල්‍ය වංචා චෝදනාවක් මත වසර 6 ක සිර දඬුවම් නියම වී තිබේ. 

අමෙරිකානු ඩොලර් බිලියනයක වංචාවකට වරදකරු වූ ඇයට ජීවිතාන්තය දක්වා රාජ්‍ය ආයතනයක නිලධරයක් දැරීම ද තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

2007 වර්ෂයේ සිට දෙවතාවක් ඇය එරට ජනාධිපති ධුරය දැරූ අතර ඇගේ ස්වාමි පුරුෂයා ද ආර්ජන්ටිනාවේ හිටපු ජනාධිපතිවරයෙකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හේතුවෙන් ඇය සිරගත වීම සිදු නොවනු ඇති බවයි. 

ආර්ජන්ටිනාවේ උපජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු අවස්ථාවද මෙයයි.