ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 07-12-2022 | 5:53 AM

1. පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප - අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ. 

2. ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ගන්න ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම්වලට ලෝක බැංකුවේ අනුමැතිය – ජනාධිපති - ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්‍ෂා කිරීමට උදව් කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (06)  නිවේදනය කළේ ය.

3. ඔක්තොම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට - ඔක්තොම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 11 දශම 9 කින් පහළ ගොස් තිබේ.

4. චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක - පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ, දුෂ්කරතා සහ අභියෝගයන්ට මුහුණ දීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව චීනය පවසයි.

5. අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව වැඩ අරඹයි.. - අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව ඊයේ (06) ඇරඹිනි. ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න අනාගත පරපුර වෙනුවෙනි.