.webp)
ඒ, ඉන්දීය රජය සමග එළැඹි එකඟතාවයකට අනුවයි.
ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් ව්‍යාපෘති භූමියට ඇතුළු වීම අවහිර කරමින් එහි රැඳී සිටීම නිසා වරායේ වැඩකටයුතු පසුගිය මාස හතරක කාලයක් තිස්සේ ඇණහිට තිබුණි.
පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී ඉන්දීය බලධාරීන් හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 100 දෙනෙකු පමණ තුවාල ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
වරාය අවට වෙරළ ඛාදනය වීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපායට බලපෑම් ඇති වීම වරාය ව්‍යාපෘතියට එරෙහි මෙම විරෝධතාවයට හේතු ලෙස දැක්වුණි.
නමුත් වරාය නියෝජිතයින් පවසා ඇත්තේ, එහි ඉදිකිරීමේ කටයුතු සියලුම නීතිරීතිවලට අනුකූල බවයි.