ශ්‍රී ලංකාව රනින් සැරසූ රන්සිළු ජයතිලක

ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළුට රන් පදක්කමක්

by Staff writer 07-12-2022 | 5:32 PM

COLOMBO (News 1st) - 2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලියේදී, ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලකට රන් පදක්කමක් හිමි විය.

ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක අද (07)  සහභාගී වූයේ, එහි කිලෝ ග්‍රෑම් 120 විවෘත බර පන්තියේ තරගය සඳහායි.

එහිදී ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 320ක බරක් ඔසවමිනි.

එම ඉසව්වේ රිදී පදක්කම කුවේට් රාජ්‍යට හිමි වූ අතර ජපානයට ලෝකඩ පදක්කම හිමි විය.

2022 ආසියානු ක්ලැසික් සවි එසවීමේ ශූරතාවලිය ඩුබායිහිදී පැවැත්වේ.