
ස්විට්සර්ලන්තය පරදමින් පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයට..
ස්විට්සර්ලන්තය පරදමින් පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයට..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්, ලැබීමට පෘතුගාලය සමත්විය.
ඒ ස්විට්සර්ලන්තය ගෝල 6ට 1ක් ලෙස පරාජය කරමිනි.
කටාර්හි ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ආරම්භයේ සිටම වැඩි අණසක පතුරවන්නට සමත් වුණේ ප්‍රබල පෘතුගාලයයි.
ගෝල රැස් කිරීම ආරම්භ කරමින් පෘතුගාලයේ ගොන්සාලෝ රාමෝස්, තරගයේ 17වැනි මිනිත්තුවේදී පළමු ගෝලය රැස් කළේ ය.
පෘතුගාලය වෙනුවෙන් නිකලස් පෙප් තවත් ගෝලයක් රැස් කරනු ලැබුවේ පළමු අර්ධයේ 51වැනි මිනිත්තුවේදීයි.
පළමු අර්ධයේදී ස්විට්සර්ලන්තයට ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර එම අර්ධය නිමාව දුටුවේ ගෝල 2ට 0ක් ලෙස පෘතුගාලය පෙරමුණ ගනිමිනි.
දෙවැනි අර්ධයේදීත් ස්විට්සර්ලන්තයෙන් තරගය තවත් ඈත් කරමින් ගොන්සාලෝ රාමෝස් නැවත වතාවක් ක්‍රියාත්මක විය.
ඒ එම අර්ධය ආරම්භ වී මිනිත්තු 6කට පසු රැස් කළ මීළඟ ගෝලය සමගයි.
තරගයේ 55 වැනි මිනිත්තුවේදී රෆායල් ගෙරෙයිරෝ පෘතුගාලයේ ගෝල සටහනට සිව්වැනි ගෝලයත් එක් කළ අතර පෘතුගාලය ගෝල 4ක් රැස් කරගෙන ප්‍රබල තත්ත්වයක පසුවෙද්දී ස්විට්සර්ලන්තය වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට සමත් වූයේ මැනුවෙල් අකන්ජි විසිනි.
තරගයේ 58වැනි මිනිත්තුවේදී එලෙස සටහන් වුණේ ඔවුන්ගේ එකම ගෝලයයි.
67වැනි මිනිත්තුවේදී පෘතුගාලය වෙනුවෙන් 5වැනි ගෝලයත් ගෝල සටහනට එක් කරන්නට සමත් වූයේ ගොන්සාලෝ රාමෝස් ය.
නියමිත කාලය අවසානයේ ලැබුණු අතිරේක කාලයේදී රෆායෙල් ලෙයෝ පෘතුගාලයේ 6වැනි ගෝලයත් රැස් කළේ ය.
ඒ අනුව තරගය අවසන් වුණේ ගෝල 6ට 1ක් ලෙස පෘතුගාලයට විශිෂ්ට ජයක් හිමිකරදෙමිනි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්