
විදෙස් රටවල සිට එන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි
විදෙස් රටවල සිට එන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අහෝසියි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වන බවයි.
මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව, රටට ඇතුළුවීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ කොවිඩ් අසාදිතයෙකු නොවන බවට කළ පරීක්ෂණ වාර්තාව ද මින්පසු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙරටට පැමිණි පුද්ගලයෙකු රටට ඇතුළුවීමෙන් පසුව කොවිඩ් අසාදිත යැයි තහවුරු වුවහොත්, එම පුද්ගලයා සිය පෞද්ගලික වියදමෙන් දින 7 ක් නිරෝධායනය විය යුතු බවයි.
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..