ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් – ඇමති කංචන

ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් – ඇමති කංචන

ජනවාරි සිට කඩදාසි රහිත විදුලි බිල්පත් සහ රිසිට්පත් – ඇමති කංචන

කර්තෘ Staff writer

07 Dec, 2022 | 5:47 pm

COLOMBO (News 1st) – ලබන ජනවාරි මාසසේ සිට සියලුම විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු පැවසුවේ වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කරන බවයි. 

විදුලි බල මණ්ඩලයට බාහිරව සිදු කිරීමට ඇති කාර්යයන් දැනට සිටින කාර්ය මණ්ඩල යොදා ගෙන සිදුකිරීමටත් දැනට කළ නොහැකි කාර්යන් ප්‍රාදේශීය සභාවල සහයෙන් සිදු කිරීමටත් තීරණය කර ඇතැයි අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]