චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට..

චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට..

චීනයෙන් පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට..

කර්තෘ Staff writer

07 Dec, 2022 | 12:52 pm

COLOMBO (News 1st) – චීනයෙන් පරිත්‍යාග කළ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ළඟා වී තිබේ.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් 5,151,904ක් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදානයන් පිලිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ මෙරටට ලබා දෙන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවැනි අදියරේ දෙවැනි කොටස ලෙස මෙම ඖෂධ තොගය මෙරටට ලැබුණු බවයි.

මෙම ඖෂධ තොගය මෙරට චීන නියෝජ්‍ය තානාපතිවරයා විසින් අද නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට සැලසුම්කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]