
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.. ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි…
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.. ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි…
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (07) යෙදී තිබේ.
සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි.
බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය.
මිහිඳු හිමි අනුමැතිය ලැබූ සංඝමිත්තා තෙරණිය ප්රමුඛ පිරිස ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවුයේ ඒ අනුවයි.
එයින් ඇති වූ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුනර්ජීවනය රට පුරා පැතිර ගියේ ය.
අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් ලක්දිව මෙහෙණිසස්න අරඹමින් පැවිදි දිවියට එළඹුණු උඳුවප් පොහෝ දිනය කාන්තා පරපුරේ වටිනාකම නිතැතින්ම සිහිපත් කෙරෙන දිනයකි.
මේ අතර සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වේ.
සිරිපා සමය එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතයි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්