උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක්

උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක්

උතුර නැගෙනහිරින් මුහුදු ගිය ධීවරයින් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානවෙත යන්නැයි දැනුම් දීමක්

කර්තෘ Staff writer

07 Dec, 2022 | 5:45 pm

COLOMBO (News 1st) – මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

ඒ ,ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති, ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවිනි.

මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හා පොතුවිල් දක්වා වූ  මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය  පැයට කිලෝමීටර් 80 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ වන විට, උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දී සිටී.

මේ අතර හෙට (08) දිනයේදී උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි, තද වැසි ඇති වීමේ හැකියාවක් ඇත.

උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 පමණ දක්වා තද සුළං ද ඇති විය හැකි බව  කාලගුණ අනාවැකියේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]