LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට..

by Staff writer 06-12-2022 | 11:35 PM

News 1st - ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කරන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත් විය.

ඒ එල්.පී.එල් පිටියේ අඛණ්ඩව දෙවතාවක් අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමිනි. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 137කි. ෂොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 8ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටස් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේ ය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 24කිනි.