
LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට..
LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට..
කර්තෘ Staff writer
News 1st – ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කරන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත් විය.
ඒ එල්.පී.එල් පිටියේ අඛණ්ඩව දෙවතාවක් අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමිනි.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 137කි.
ෂොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 බැගින් රැස් කළ අතර පන්දු යැවීමේදී ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 8ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටස් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 113ක් පමණි.
නායක කුසල් මෙන්ඩිස් ලකුණු 51ක් ලබාගත්තේ ය.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 24කිනි.
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.