ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්

සංචාරක වීසා මත ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ ජාවාරමක්

by Staff writer 06-12-2022 | 9:35 AM

COLOMBO (News 1st) - සංචාරක වීසා මත මෙරට ශ්‍රමිකයින් මැලේසියාවට රැගෙන යාමේ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එම සිද්ධියට අදාළව පුද්ගලයින් 29 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගන්නා තැරැව්කරුවන්ට නොරැවටෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි.