වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු CCD අත්අඩංගුව

දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කර වකුගඩු ජාවාරම් කළ සැකකරුවෙකු CCD අත්අඩංගුවට

by Sagarika Chathumali 06-12-2022 | 7:39 AM

COLOMBO (News 1st) –  වකුගඩු ජාවාරම්වලට සම්බන්ධ තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. 

නීති විරෝධිව දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කරමින් මුදල් ලබා දෙන බව පවසා ප්‍රධාන පෙළේ රෝහලක් තුළදී වකුගඩු ලබාගැනීම සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධව පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවක් විසින් බොරැල්ල  පොලි කරන ලද පැමිණිලිවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ  ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලිසිය පැවුසවේ, කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු වයස අවුරුදු 41 ක් වන කජිමාවත්ත, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. 

සැකකරු වකුගඩු මුදලට ලබා දෙන පුද්ගලයා හා ලබා ගන්නා පාර්ශවය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් කැරුව්කකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, මොහු තැරැව් ගාස්තුවලට අමතරව වකුගඩුව ලබා දෙන පුද්ගලයාට ලබා දීමට අනෙක් පාර්ශවය විසින් ලබා දෙන මුදල්වලින් කොටසක් වංචා කර ඇති බවට අනාවරවණය වී ඇත. 

සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.