.webp)
මෙරටට පැමිණි ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුලු බහු පාර්ශ්වික ණයදෙන ආයතන සමග ජනාධිපතිවරයා අද කොළඹදී දීර්ඝ වට මේස සාකච්ඡාවක් පවත්වා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව එහිදී තීරණය කළ බවයි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" බහු පාර්ශ්වික ණය දෙන ආයතන නියෝජිතයින්ට ඉදිරිපත් කර තිබේ.
මෙම සාකච්ඡාවට, ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර්, ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ, ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියේ ය.