.webp)
COLOMBO (News 1st) - ඔක්තොම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 11 දශම 9 කින් පහළ ගොස් තිබේ.
2021 ඔක්තොම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,192 ක් වූ, මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ ඔක්තොම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,051 දක්වා පහළ ගොස් ඇතැයි මහ බැංකුව අද (06) නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
ඇඟලුම් අපනයනට සියයට 12.9 කින් පහළ ගොස් ඇති අතර ආහාර, බීම වර්ග හා දුම්කොළ අපනයන ආදායම් සියයට 51.3 කින් පහළ ගොස් ඇත.