සිරස - ශක්ති පොත් යාත්‍රාවට ඔබත් දායක වන්න...

'අලුත් පොතක් සතුටු හිතක්' සිරස - ශක්ති පොත් යාත්‍රාවට ඔබත් දායක වන්න...

by Staff writer 06-12-2022 | 8:59 AM

COLOMBO (News 1st) –  අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාව අද (06) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

ළඟ එන නත්තලේදී රට වටේම ඉන්න පුංචි දුවා දරුවන්ට අලුත් පාසල් වාරය සඳහා පොත් පත් ඇතුළු උපකරණ පරිත්‍යාග කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඔබට මෙහිදී අවස්ථාව උදා වනු ඇති.

ලබන 24 වැනිදා දක්වා අලුත් පොතක් සතුටු හිතක් සිරස - ශක්ති පොත් යාත්‍රාවට දායක වන්න ඔබටත් හැකියි. 

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින්  සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා පැවසුවේ, සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන සිරස - ශක්ති නත්තල් කලාපය වෙනුවට මෙවර මෙම කර්තව්‍ය හරහා රටේ දුවා දරුවන්ට යම් පිහිටක් වීමට බලාපොරොත්තු වන බවයි.