.webp)
ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න අනාගත පරපුර වෙනුවෙනි.
රටේ අනාගතය භාර ගැනීම සඳහා බලා සිටින දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් සිදුකළ යුතුයි යන වගකීම අතැතිව, සිරස මාධ්‍ය ජාලය අද 'අලුත් පොතක් සතුටු හිතක් සිරස ශක්ති පොත් යාත්‍රාව' දියත් කළේ ය.
එහි සමාරම්භය සනිටුවහන් වූයේ , අද දහවල් කැපිටල් මහරාජ සමූහ ප්‍රධාන කාර්යාලයේ දීයි.
වැඩ සටහන සඳහා සර්වආගමික නායකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙහිදි සංකේතාත්මකව පරිත්‍යාගශිලින් 'සිරස ශක්ති පොත් යාත්‍රාව' වෙත පාසල් උපකරණ පරිත්‍යාග කළේ ය.
ඊට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පැමිණි පාසල් දරුවන්, එල් බී ෆිනෑන්ස් ආයතනය, සීමාසහිත මෝතා කන්ෆැක්ෂනරී වර්කස් පුද්ගලික සමාගම හා කොළඹ මෙට්‍රොපොලිටන් රොට්රැක්ට් සංගමය එක්ව සිටියහ.
අද (06) සිට ලබන 24 වැනිදා දක්වා සිරස - ශක්ති පොත් යාත්‍රාවට ,අභ්‍යාස පොත් / චිත්‍ර පොත් / පැන්සල් / පැස්ටල් / අඩිරූල් සහ පාට පැන්සල් ගෙනවිත් භාර දීමට පරිත්‍යාගශීලී ඔබටද හැකියාව ඇත.
01. කොළඹ 02 කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන කාර්යාලය
03. දෙපානම මැදිරි සංකීර්ණය
04. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය
02. කොළඹ එචලන් චතුරස්‍ර පරිශ්‍රය
යන ස්ථානවලට ඔබේ පරිත්‍යාගයන් බලාදිය හැක.
මීට අමතරව කතෝලික සභාව, ලංකා සභාව හා මෙතොදිස්ත සභාවත් සිරස ශක්ති පොත් යාත්‍රාව සමග එක්ව සිටී.
ඔවුන්ද එම සභා යටතේ තිබෙන පාසල්වල දුවා දරුවන්ගේ පරිත්‍යාග එකතු කරලබා දීමට සූදානම්ව ඇත.
කොළඹ එචලන් පරිශ්‍රයේ පොත් භාර ගැනීම අද පස්වරුවේ ආරම්භ විය.
ඔබ බලාදේන පොත් පත්, ලිපිද්‍රව්‍ය නත්තල් සතියේදී ඒවා අවශ්‍යම කරන දරුවන් අතටම ගෙනගොස් දීමට 'සිරස ශක්ති පොත් යාත්‍රාව' සූදානමින් ඇත.