
සුළි කුණාටු අවදානමක්… මුහුදු නොයන්නැයි ධීවරයින්ට අනතුරු ඇඟවීම්…
සුළි කුණාටු අවදානමක්… මුහුදු නොයන්නැයි ධීවරයින්ට අනතුරු ඇඟවීම්…
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) පස්වරු 03 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතු නොකරන ලෙසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යාත්‍රා කළ යුතු බවය.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගිනිකොණ දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන කලාපවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 සිට 90දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (06) වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම මීට හේතුවයි.
එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වන බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
එලෙස වර්ධනය වන සුළි කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක හරහා ලබන 08 වැනි දා වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, දිවයිනේ උතුරු, උතුරුමැද නැගෙනහිර පළාත්වල ලබන 6 හා 7 දිනයන්වලදී කඩින් කඩ වර්ෂාව ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක