
රජයේ සේවකයින් අවු. 60 න් අනිවාර්ය විශ්‍රාම යැවීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි
රජයේ සේවකයින් අවු. 60 න් අනිවාර්ය විශ්‍රාම යැවීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇත්තේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුවයි.
සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාමගතයුතු බවට වන නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වේ.
55 හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආණ්ඩුවේ ඕනෑම සේවකයෙකුට ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට හැකිවන අතර නියම බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් ඒ අනුව අවුරුදු 60න් අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතුයි.
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කර අදාළ නියෝගය ආදේශ කරමින් එය සංශෝධනය කර එම නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්