පලාලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ලබන 12 සිට ඇරඹේ

පලාලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ලබන 12 සිට ඇරඹේ

පලාලි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ලබන 12 සිට ඇරඹේ

කර්තෘ Staff writer

06 Dec, 2022 | 6:34 am

COLOMBO (News 1st) – යාපනය, පලාලි ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා ගුවන් ගමන් ලබන 12 සිට ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, සතියකට ගමන්වාර 4 ක් ක්‍රියාත්මක කරන බවයි.

සැළසුම්කර ඇත්තේ චෙන්නායි සිට පාලාලි ගුවන්තොටුපොළට පෙරවරු 10.50 ට ගුවන් යානයක් ළඟා වීමට නියමිත අතර පලාලි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 11.50 ට ගුවන් යානය නැවත චෙන්නායි දක්වා පිටත්වීමටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]